පුරාතන ලෝක ඉතිහාසය තුළ බිහි වූ පැරණි , ප්‍රධානතම ශිෂ්ටාචාර සතර අතුරින් චීන ශිෂ්ටාචාරයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වන බව දැකගත හැකිය . විශේෂයෙන්ම මෙම ශිෂ්ටාචාරය හොවැංහෝ ගංගා නිම්න ශිෂ්ටාචාරය ආදී පර්‍යාය නම් වලින් හදුන්වා තිබෙන බව පෙනේ . මෙම චීනයේ පැරණි ශිෂ්ටාචාරයෙහි ආරම්භය සිදු වූයේ හොවැංහෝ ගංගා මිටියාවතේය. ඇතැම් මූලාශ්‍ර වල සදහන් වී ඇති තොරතුරු වලට අනුව මෙම හොවැංහෝ ගංගාවට අමතරව යැංසි , සිකියෑං ආදී වූ ගංගාවන් ආශ්‍රිතව ද ව්‍යාප්ත වී තිබූ බව පෙනේ . මෙම පුරාතන චීන ශිෂ්ටාචාරය ලොව පුරා සීග්‍රයෙන් ප්‍රචලිත වීමට හේතු වූයේ ශිෂ්ටාචාර වාසීන් ලේඛන කලාවට යොමු වූ නිසා බව දැකගත හැකිය .
මෙම පුරාතන චීන ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී පූර්ව ඓතිහාසික සහ නව ශිලා යුගය ලෙසින් කොටස් දෙකක් දක්නට පුළුවනි . විශේෂයෙන්ම චීනයේ පැරණි මානවයන් පිළිබඳව බැලීමේදී යුවැන්මෝ , ලන්තියෑන් සහ පීකිං යන මානවයන් වැදගත් වේ. මෙම පැරණි මානවයන්ගේ ඉතිහාසය අදින් වසර ලක්ෂ 17 ක් පමණ දක්වා දිවයන බව පෙනේ . ඊට අමතරව නව ශිලා යුගය පිළිබඳව අවධානය යොමු කිරීමේදී යංෂාඕ , ලුන්ෂාන් , මජියාඕ ආදී සංස්කෘතින් වැදගත් වේ. කෙසේ වෙතත් චීනයට ඇති ස්වභාවික බාධක නිසා බොහෝ කලක් යන තෙක් පැරණි චීන ජාතිකයෝ බාහිර ලෝකය සමඟ සබදතා නොපැවත්වූ අතර ඔවුන් තමන්ටම සුවිශේෂී ශිෂ්ටාචාරයක් ගොඩනගා ගනු ලැබිය .
චීන ශිෂ්ටාචාරය තුළ ප්‍රබල හැරවුම් ලක්ෂයක් වූ මෙම ෂං රාජ පරම්පරාව පිළිබඳව අනෙක් රාජවංශ වලට වඩා පුරාවිද්‍යාත්මක සාධක හමුවී තිබෙන අතර සුවිශේෂී වනුයේ ලිඛිත සාධක මතින් තොරතුරු හමුවීමයි. ඒ අනුව චීන ශිෂ්ටාචාරය පිළිබඳව තොරතුරු අධ්‍යයනය කළ ඉතිහාසඥයන් මෙම ෂං රාජ පරම්පරාව චීනයේ ප්‍රමුඛතම රාජවංශය ලෙසින් හදුන්වා දී තිබේ . එපමණක් නොව ෂං අවධිය පුරාතන චීන සභ්‍යත්වයේ විශිෂ්ටතම කාල පරාසයක් ලෙසින්ද හදුන්වා දී තිබේ. මෙයට හේතු වී ඇත්තේ චීන ශිෂ්ටාචාරයේ දේශපාලන , ආර්ථික, ආගමික සහ සංස්කෘතික අංශයන් තුලින් කැපී පෙනෙන වර්ධනයන් සිදු වී තිබීමය .
මෙම ෂං අවධිය චීනයේ විශිෂ්ටතම කාල පරාසයක් වීම සදහා දේශපාලනික අංශය ද කැපී පෙනුනි. විශේෂයෙන්ම ෂං රාජවංශ අවධිය ක්‍රි.පු 1600 තරමේ සිට 1027 පමණ දක්වා ආසන්නව අවුරුදු 600 ක පමණ පාලන කාලයක් ගෙන ගිය රාජවංශයක් වේ. මෙහිදී පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් වලට අනුව ක්‍රි.පු 1400 දී මෙම රාජවංශයෙහි අගනුවර කහ ගංගාව හෙවත් හොවැංහෝ ගංගාවේ දකුණේ පිහිටි ජෙං-ජෞ සිට උතුරේ පිහිටි අන්යාන් වලට මාරු කළ බවට ලක්ෂණ දැකගත හැකිය . මෙම ෂං යුගයේ අධිරාජ්‍යවරුන්ගේ අගනුවර වූයේ අන්යාන් නුවර බව පෙනේ . ෂං අවධියේ දේශපාලනය දෙස බැලීමේදී එහි පාලකයන්ටද සුවිශේෂී වැදගත්කමක් ලැබී තිබේ . එහිදී shang-tang විසින් ෂියා රාජවංශය පරාජය කර ෂං රාජවංශය ආරම්භ කළ අතර මෙය චීනයේ දෙවන රාජවංශයයි. ඒ අනුව මෙම shang-tang රජු ෂං රාජ වංශයෙහි ආරම්භකයා බව හදුනාගත හැකිය . එසේම මෙම රජු තමාගේ සතුට සහ සුඛෝපභෝගීභාවය වෙනුවට ඔහුගේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට පටන් ගත්තේ ඔහුගේ අනුප්‍රාප්තිකයන්‍ට ආදර්ශයක් ලෙසිනි. මෙම ෂං රාජ පරම්පරාව ද අනෙකුත් රාජ පරම්පරා මෙන් අවශේෂ ගෝත්‍රයන් යටත් කර ගැනීම සදහා නිතර යුධ කෝලාහල ඇති වූ බව පෙනේ . විශේෂයෙන්ම ෂං රාජ වංශයේ දේශපාලන තත්ත්වය තුළ අප මුලින් සදහන් කළ පරිදි මෙම පරපුරේ රජවරු අනෙකුත් ප්‍රාදේශීය රජවරු සමඟ සටන් ඇති කරගත් අතර ඔරකල් ඇටකටු සහ වෙනත් කෞතුක භාණ්ඩ වල වාර්තාවන්ට අනුව ද මෙලෙස නිරන්තර යුධ කෝලාහල පැවති බව අනාවරණය වී තිබෙනු දැකගත හැකිය .
මෙම ෂං අවධිය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී කැපී පෙනෙන ආගමික අංශයක්ද හදුනාගත හැකිය. එහිදී විශේෂයෙන්ම මෙම අවධිය තුළ ජීවත් වූ මිනිසුන් තුළ මළවුන් ඇදහීම ද ප්‍රචලිත විය . එහෙත් එය උසස් පෙළපතේ මිනිසුන් විසින් පමණක් අනුගමනය කරන ලද පිළිවෙතකි. මළවුන් ඇදහීම මහජන ආගමක් වූයේ මෑත කාලයේදීය. මෙම රාජවංශ අවධිය තුළ ජනයා විශ්වාස කළේ කෙනෙකු මරණයෙන් පසුව ස්වර්ගයේ ජීවත් වන බවත් , ඔවුන් නිරන්තරයෙන් ජීවත් වන අයගේ කටයුතු සමඟ සම්බන්ධ වන බවටත් විශ්වාස කර තිබේ . එම නිසා මෙම මියගිය මුතුන් මිත්තන් හෝ දෙවිවරුන්ගේ ශක්තිය වැඩි දියුණු කිරීම සදහා විවිධ පුද පූජාවන් පැවැත්වීමට කටයුතු කර තිබේ . මෙහිදී විශේෂයෙන්ම දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වූයේ ෂං සංස්කෘතිය තුළදී රජතුමා ද පූජකයෙකු ලෙසින් කටයුතු කර තිබීමය . මෙලෙස මියගිය තම නෑදෑයන් , මුතුන් මිත්තන් වෙනුවෙන් පුද පූජාවන් නොකළහොත් සිය රාජ්‍යයට සහ පවුලේ අයට විපත් අත් වන බවට ඔවුන් විශ්වාස කරන ලදි . එසේම මොවුන් විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීම සදහා මෙම මියගිය මුතුන් මිත්තන්ගේ අනුමැතිය ලබා ගැනීම සදහා පේන චාරිත්‍ර සිදු කිරීමෙන් දැකගත හැකිය . මෙම පේන ඇසීමේ චාරිත්‍රය තුලින් බොහෝ විට යුද්ධ , අස්වැන්න මෙන්ම දරු ප්‍රසූතිය පිළිබඳව ප්‍රශ්න නිතර අසා ඇති බව දක්නට පුළුවනි . පේන චාරිත්‍රයන් සිදු කිරීමේදී බොහෝ විට කැස්බෑ ලෙලි සහ විවිධ අස්ථිමය කොටස් ඇවිලෙන ගින්නට දමන අතර එහිදී මෙම පේන චාරිත්‍රයට අදාළ නිර්ණායකයන් සටහන් වන අතර ඒවායේ සටහන් සිදුරු , රේඛා හෝ යම්කිසි රටාවක් බව ඔවුන් විශ්වාස කරනු ලැබීය . එසේම මෙම ෂං රාජවංශ අවධිය තුළදී අප මුලින් සදහන් කළ පරිදි අලංකාර සුසාන සොහොන් කොත් නිර්මාණය කර ඇති අතර එම මියගිය පුද්ගලයා භාවිත කරන ලද උපකරණ , පූජා භාණ්ඩ සහ අවි ආයුධ ද සොහොන් ගෙය තුළ තැන්පත් කර තිබේ . ඇතැම් විට රජෙකු මියගිය විට ඔහු සතු අශ්වයන් ද මෙලෙස මිහිදන් කර තිබේ . එයට හේතුව මියගිය පුද්ගලයාගේ පසු ජීවිතයට මේවාට යාම සදහා මෙලෙස තැන්පත් කරනු ලැබූ බව පෙනේ. එසේම මෙම අවධියේ ඉදි කළ සොහොන් කොත් ජේඩ් පාෂාණයෙන් නිර්මාණය කර තිබේ .
මෙකල චීන ජාතිකයන්ගේ ආගම බහු දේවවාදයක් විය . ස්වාභාවික වස්තු දේවත්වයට නගා ඔවුනට පුද පූජා පැවැත්වීම මෙන්ම ඒ ජනතාව විසින් ඇදහූ නානාවිධ දෙවියන්ට හරසර දැක්වීම ඔවුන්ගේ ආගමෙහි මූලික ප්‍රතිපත්තිය විය . එසේම මෙකල පිළිම වලට නමස්කාර කිරීම ආරම්භ කරන ලදි . මෙම ෂං අවධියේ ජනතාව ඉර , හද , ගංගා , පොළොව ආදී ස්වභාවික වස්තූන් දේවත්වයට ආරෝපණය කර වන්දනා කළ බවට සාධක තිබේ .
මෙම ෂං රාජවංශ අවධිය තුළ ක්‍රමානුකූලව ගොඩනැගුණු ආර්ථික අංශයක්ද පැවති බව පෙනේ . එහිදී මොවුන් කෘෂිකාර්මාන්තය මූලික කර ගත් අතර වී වගාව සිදු කර තිබෙනු දැකගත හැකිය . මෙම ෂං යුගයෙහි අධිරාජවරු ගොවි සමාජයක ප්‍රධානීන් වූයෙන් ගොවිතැන ගැන වැඩිපුර උනන්දුවක් දක්වනු ලැබීය . විශේෂයෙන්ම වාරිමාර්ග සාදාලීමෙන් පමණක් නොව තමා ද ගොවිතැනෙහි යෙදීම ඔවුන්ගේ පුරුද්ද විය . යටත් පිරිසෙයින් අවුරුද්දකට වරක් කුඹුරට බැසීම මෙම අධිරාජ්‍යවරුන්ගේ යුතුකමක් විය . සෑම අලුත් අවුරුදු දිනයකම ඔවුහු ජගන්මාතාවට පුද පූජා පවත්වා සී සෑමෙහි යෙදුණහ . මෙය පුරාතන අවධියෙහිදී සිටම චීන අධිරාජ්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු ජාතික උත්සවයක් බවට පත්ව තිබේ . විශේෂයෙන්ම මෙම ෂං අවධියේ මෙනේරි , සහල් , තිරිඟු , බාර්ලි ආදිය ගොවිතැනෙහි ප්‍රධාන ආහාරය බවට පත් වූ අතර දඩයම ද සිදුකර තිබේ .
මෙලෙස කෘෂිකර්මය පැවති නමුත් මෙකල පුළුල් ලෙසින් සත්ත්ව පාලනය ද සිදු කළ බවට සාක්ෂි ලැබී තිබේ. එහිදී බැටළුවන් සහ ගවයන් වැඩි වශයෙන් ඇති කර තිබේ . එසේ වුවද මෙම බැටළුවන්ගේ සහ ගවයන්ගෙන් ලබා ගත් කිරි වලින් නිෂ්පාදනය කරන ලද ආහාර ද්‍රව්‍යයන් වලට මෙම චීන වැසියන් වැඩි රුචිකත්වයක් දැක්වූයේ නැත. මෙලෙස සත්ත්ව පාලන කටයුතු සිදු කිරීම හරහා එය වක්‍රව කෘෂිකාර්මාන්තයට ද දායකත්වයක් ලැබී තිබේ . මෙම ෂං රාජවංශ අවධිය තුළ තඹ ලෝහය සුලබ නොවීම නිසා කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය වන මෙවලම් නිර්මාණය කර ගැනීමේදී දැව වර්ග සහ පාෂාණ වලින් නිර්මාණය කර ගෙන තිබෙන බව පෙනේ . මෙකල ආර්ථික කටයුතු වලදී වෙළෙන්දන් ද සුවිශේෂී කාර්‍යභාර්‍යයක් සිදු කර තිබේ . මෙකල ප්‍රාථමික මුදල් වර්ගයක් ලෙසින් හවඩි කටු භාවිත කළ බවට තොරතුරු ලැබී තිබේ . එසේම ෂං අවධිය තුළ අත්කම් කර්මාන්තය ද වර්ධනය වී ඇති බව දැකගත හැකිය . මෙම ජනතාව විවිධ ශිල්ප ප්‍රගුණ කළ අතර දිලිසෙන සේ ඔප දමන ලද මැටි භාණ්ඩ තැනීම, සේද රෙදි විවීම සහ තඹ භාජන සෑදීම ඒ අතර ප්‍රමුඛස්ථානයක් ගනු ලැබීය . මෙකල වෙළදාම තුළදී වෙළද ද්‍රව්‍ය හුවමාරුව සහ වෙළද ද්‍රව්‍ය හුවමාරු අලෙවි නියෝජිත භූමිකාව ද දිස්වන්නට විය . එසේම ජේඩ් කැටයම් ශිල්ප ක්‍රම සහ ඉහළ තත්ත්වයෙන් වියන ලද සේද රෙදි ද දැකගත හැකිය . මෙම සේද රෙදි සෑදීමේ කලාව චීනයට ආවේණික වූ අතර මෙම සේද රෙදි කලාව දීර්ඝ කාලයක් යනතුරුම චීන වැසියන් රහසක් ලෙසින් තබා ගැනීමට උත්සහ කළහ.
ෂං අවධිය වන විට චීන සංස්කෘතියෙහි ඉතිහාසය ඉතාම සවිස්තරව අධ්‍යයනය කිරීමට හැකි වී තිබේ . විශේෂයෙන්ම මෙම ෂං අවධියේ අධිරාජ්‍යවරුන්ගේ ප්‍රධාන අගනගරය වූයේ අන්යාන් නගරයයි. මෙම අන්යාන් නගරය වටා ප්‍රාකාරයක් බැද තිබුණි . එහි ගෙවල් කුඩා අළු පාට ගඩොල් වලින් සාදනු ලැබීය . මෙකල චීන ජාතිකයන් අනුගමනය කළ ගෘහ නිර්මාණ ශිල්ප කලාව අද දක්වාම නොවෙනස්ව දැකගත හැකිය . මෙම චීන ගෘහ නිර්මාණ ශිල්පයේ වැදගත් ලක්ෂණයක් වනුයේ මෙකල ඉදිකරනු ලැබූ නිවාසවල වහල රදා පැවතියේ නිවසේ බිත්ති මත නොවේ. මෙම නිවාසවල බිත්ති එම නිවසේ ආවරණය සදහා පමණක් භාවිත කර තිබෙනු දක්නට පුළුවනි. එසේම මෙම ෂං අවධියෙහි චීන ජන ජීවිතයේ මිනිසුන් දෙස බැලීමේදී ඔවුන් සංගීත ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් සිදු වී තිබුණු බවට සාධක හමුවී තිබේ . විශේෂයෙන්ම මෙම සංගීත භාණ්ඩ ඉතාම සියුම් ලෙස නිර්මාණය කර තිබෙන අතර බෙර සහ තඹ අත්තල් ආදියෙහි සාධකයන් සොයාගෙන තිබේ .
ෂං අවධිය තුළ චීන සංස්කෘතියෙහි සිදු වූ තවත් වර්ධනයක් ලෙස චීන අක්ෂර කලාවෙහි ප්‍රභවය හෙවත් ලේඛන කලාවක ආරම්භය සිදුවීමයි . මෙහිදී ෂං යුගයේ වැසියා භාවිත කරනු ලැබුවේ චිත්‍රාකාර හෝඩියකි. විවිධ සටහන් ඔවුන් ලේඛනගත කිරීමට කෙතරම් සැලකිල්ලක් දැක්වීද යත් ක්‍රි.පු පහලොස් වෙනි සියවසෙහි සිට චීන ඉතිහාසය පිළිබඳව ප්‍රවෘත්ති ඒවායින් ලබා ගත හැකිය . ඒ අනුව චීන ඉතිහාසයෙහි මුල් ලේඛන හමුවනුයේ මෙම ෂං අවධියෙනි. චීන අක්ෂර වල ඇති පැරණිතම ආකෘතිය සොයා ගත හැක්කේ අස්ථි ඇටකටු ලෙස හැදින්වෙන සතුන්ගේ ඇටකටු සහ ෂෙල් වෙඩි මත ඇති දිව්‍යමය වාර්තා වලිනි . මෙහිදී මියගිය මුතුන් මිත්තන්ගේ පාලකයන් ඇසූ පේන සහ එම අසන ලද පේනයන්ට ලැබුණු උත්තර ආදිය මෙම කැස්බෑ ලෙලි වල සදහන් වී තිබේ . මෙම ඉපැරැණි චීන අක්ෂර දෙස අවධානය යොමු කිරීමේදී ඒවා යම්කිසි රූපයක් , වස්තුවක් නිරූපණය කිරීමට උත්සහ ගෙන තිබෙන බව පෙනේ . පසුකාලීනව මොවුන්ගේ සාහිත්‍යය කෘති තුළ කාව්‍යමය තොරතුරු ද අන්තර්ගත වී තිබේ . ඒ අතර මහජන ගීත , රාජසභා ගීත , භක්ති ගීත යන කොටස් දක්නට පුළුවනි . කෙසේ වෙතත් මෙහි වැදගත්ම දෙය වනුයේ ෂං අවධියේ නිර්මාණය වුණ අක්ෂර මාලාව හරහා වර්තමාන චීන අක්ෂර කලාව ආරම්භ වී තිබීමය .
චීනයේ ප්‍රමුඛතම රාජවංශය ලෙසින් සැලකෙන ෂං අවධිය තුළ දැකගත හැකි තවත් සුවිශේෂී ලක්ෂණයක් වූයේ ලෝකඩ කලා ශිල්පයයි. විශේෂයෙන්ම පුරාවිද්‍යාත්මක කැණීම්, ගවේෂණ හරහා ලෝකඩ වලින් නිර්මාණය කරන ලද අවි ආයුධ සහ විවිධ පූජා උත්සව අවස්ථාවන් වලදී භාවිත කරන ලද පූජා බදුන් රැසක් පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලදි . මෙලෙස හමුවූ ලෝකඩ භාජන අතුරින් පාද තුනෙන් යුක්ත , විසිතුරු කැටයමින් යුතු ත්‍රිපාදාසන පූජා බදුන් සුවිශේෂී ලෙස කැපී පෙනේ . මෙම පාද තුනේ භාජනයන් මැටියෙන් හෝ දැවයෙන් තනන ලද ආකෘතීන් තුලට උණු කරන ලද ලෝකඩ වත් කොට නිර්මාණය කරන ලදි . මෙකල බහුල වශයෙන් ලෝකඩ නිෂ්පාදනය සිදු වූ අතර ලෝකඩ කර්මාන්තය රජයේ ඒකාධිකාරී ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන ලදි . මෙම ලෝකඩ බදුන් දෙස අවධානය යොමු කිරීමේදී ඒවා ඉතා සියුම් කැටයමින් අලංකාර කර තිබෙන බව පෙනේ . එසේම මෙකල ලෝකඩ වලින් කරන ලද ලෝකඩ මුහුණ ආවරණ හෙවත් වෙස් මුහුණු කලාවක සාධක හමුවී තිබේ . මේවා චීනයටම ආවේණික ලක්ෂණ වලින් යුක්තව නිර්මාණය කර තිබෙන බව දැකගත හැකිය .
ඒ අනුව චීන ශිෂ්ටාචාරයේ ප්‍රධාන රාජවංශයක් ලෙස ෂං රාජ පරම්පරාව හදුන්වාදිය හැකිය . මෙහි ඉතා ප්‍රබල රජවරුන් රාජ්‍ය කටයුතු කළ අතර ඔවුන්ගේ මැදිහත්වීම මත චීන ශිෂ්ටාචාරයේ ඉතා සුවිශේෂී දේශපාලන , ආර්ථික , ආගමික , සංස්කෘතික ආදී අංශයන් රැසක් නිර්මාණය කර තිබෙන බව දැකගත හැකිය .
ගොඩාක් වටිනවා අයියේ...සුභ පැතුම්..
ReplyDelete