පුරාතන ඉන්දීය ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී රාජ්‍ය මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් හමුවනු ඇත. එමෙන්ම මෙම රාජවංශවල කැපී පෙනෙන සුවිශේෂී රාජ චරිත පිළිබඳව ද විස්තර විවිධ ඓතිහාසික මූලාශ්‍ර ඔස්සේ අපට හමුවනු ඇත. පුරාතන ඉන්දියාව තුළ දක්නට ලැබෙන මෞර්යය , ගුප්ත , කුෂාණ , සාතවාහන වැනි රාජවංශ මෙන්ම කාලිංගය මුල් කරගෙන ගොඩනැගුණු චේදි රාජවංශයද ඉන්දියානු ඉතිහාසය තුළ සුවිශේෂී මං සලකුණු රැසක් ඉතිරි කළ රාජවංශයකි. එම රාජවංශයෙහි ශ්‍රේෂ්ඨතම රජු ලෙස ඉතිහාසයේ සදහන් වන්නේ කාලිංගාධිපති කාරවේල රජතුමාය. මෙම කාරවේල රජු විසින් ඔරිස්සා අසල උදයගිරි ගුහා පර්වතයක කොටා තිබෙන හත්ථිගුම්ඵා ශිලා ලේඛනය කාලිංගයේ ඉතිහාසය පිළිබඳවත් , කාරවේල රජු පිළිබඳවත් , විශේෂයෙන්ම ඉන්දීය ඉතිහාසය පිළිබඳවත් අධ්‍යයනය කිරීමේදී මහගු පිටුවහලක් වී තිබේ . මෙහි දැකගත හැකි විශේෂත්වය වනුයේ කාරවේල රජුගේ එක් එක් රාජ්‍ය වර්ෂයන් තුළ සිදු කරනු ලැබූ කාර්‍ය්ය සාඵල්‍යයන් වෙන වෙනම විස්තර කර තිබීමය . නැතිනම් කාරවේල රජු පිළිබඳව සෑම තොරතුරක්ම පාහේ ඔහුගේ එකම ශිලා ලිපියකින් දැන ගැනීමට හැකි වී තිබේ .
මහා නදිය සහ ගෝදාවරී ගංගා දෙගංමැදියේ පිහිටා තිබෙන මෙම කාලිංගය ද විවිධ ආක්‍රමණ වලට මුහුණ දුන් ප්‍රදේශයකි. කෙසේ වුවද මගධය මුල් කර ගනිමින් ප්‍රබල බලයක් ගොඩනැංවූ නන්ද අධිරාජ්‍යයේ නැගීමට පෙර කාලිංගයේ මුල් කාලීන ඉතිහාසය පිළිබඳව පැහැදිලි තොරතුරු හමු නොවනු ඇත . විශේෂයෙන්ම මෙම නන්ද අධිරාජ්‍ය සමය තුළ කාලිංගය නන්දවරුන්ට යටත්ව නන්දවරුන්ගේ ආධිපත්‍යයේ පැවති බවට සිතිය හැකි තොරතුරු කිහිපයක්ම මෙම හත්ථිගුම්ඵා ලේඛනයේ සදහන් වී තිබේ . ඒ අතුරින් වැදගත් සාක්ෂියක් වනුයේ කාරවේල රජු විසින් ඔහුට අවුරුදු 300 කට හෝ 103 කට ( ත්‍රි වස සතම් ) පෙර නන්ද රජකෙනෙකු විසින් ඉදි කරන ලද ඇළක් ප්‍රතිසංස්කරණය කළ බව මෙම ලිපියෙහි සදහන් කර තිබේ . මෙලෙස නන්ද රජ කෙනෙකු විසින් කාලිංගයේ ඇළක් ඉදි කරවන ලද්දේ නම් කාලිංගයේ ආධිපත්‍යය නන්දවරු යටතේ පැවති බව පෙනේ .
එපමණක් නොව නන්ද රාජවංශයෙහි රජ කෙනෙකු විසින් කාලිංගය ආක්‍රමණය කර කාලිංගයේ තිබූ ජෛන මහා වීරයන්ගේ ප්‍රතිමා කිහිපයක්ම මගධයට රැගෙන ගිය බව හත්ථිගුම්ඵා ලේඛනයේ සදහන් වී තිබේ . මේ අනුව නන්ද රාජවංශ සමයේදී කාලිංගය නන්දවරුන් යටතේ පැවති බව පෙනේ . කෙසේ වෙතත් කාලිංගය නන්දවරුන්ගෙන් පසු කාලයෙහි ස්වාධීනව පැවති බව පෙනේ . නමුත් අශෝක අධිරාජ්‍යයා කාලිංගයට එරෙහිව යුධ කටයුතු ආරම්භ කළ අතර විශාල මිනිස් ඝාතනයක් එයින් සිදු විය.
මෙම හත්ථිගුම්ඵා ශිලා ලේඛනය තුලින් කාරවේල රජුගේ යුවරජ කළ සිට රාජ්‍ය චර්යාව පිළිබඳව ඉතා ක්‍රමානුකූලව තොරතුරු ඇතුලත් කර තිබුණද කාලයාගේ ඇවෑමෙන් විවිධ ස්වාභාවික අභියෝගයන්ට මුහුණ දුන් මෙම ශිලා ලිපියෙහි අක්ෂර තැනින් තැන මැකී ගොස් තිබීම නිසා කාරවේල පිළිබඳව ඉතිහාසය අධ්‍යයනයේදී එය යම් තරමක බාධාවක් වී තිබේ . මෙම ලිපියට අනුව කාරවේල රජු අභිෂේකයෙන් දෙවන වසරේ සාතවාහන රාජ්‍යයේ 1 වන ශාතකර්ණීන්ට හමුදා ආක්‍රමණයක් එල්ල කළ බව පෙනේ . ඒ අනුව කාරවේලගේ යුධ කටයුතු සාතවාහනයන් හරහා ඇති වූ බව දැකගත හැකිය . එසේම කාරවේල රජු විශාල සේනාවක් රැගෙන ගොස් රජගහ නුවරට බලපෑම් එල්ල කලහ . මෙතුමාගේ මෙම යුධ ජයග්‍රහණ සම්බන්ධ කීර්තිය නිසාම එවකට රජගහ නුවර පාලකයා වූ යවන රජු මථුරාව දක්වා පලාගිය බව සදහන් වේ . එසේම ශිලා ලිපියෙහි සදහන් තොරතුරු අනුව කාරවේල රජු භාරතවාස ප්‍රදේශයට හමුදා යවා ප්‍රදේශ අල්ලා ගත්හ. එපමණක් නොව රජුගේ අභිෂේකයෙන් දොළොස් වන රාජ්‍ය වර්ෂයේදී උත්තරාපථයේ සිටි රජවරු භීතියට පත් කරන ලදි . එයින් නොනැවතුණ කාරවේල රජු අංග සහ මගධ වාසීන් ලවා තමන්ගේ පාද වන්දනා කරවූ බව සදහන් කර තිබේ . මෙය එක්තරා අන්දමක පළිගැනීමක් ලෙසින් ද සැලකිය හැකිය.
එපමණක් නොව කාරවේල රජුගේ ආගමික කාර්‍ය් සංසිද්ධිය කුමක්ද යන්න අවබෝධ කර ගැනීම සදහා හත්ථිගුම්ඵා ලිපිය ඉතා වැදගත් වේ . එනම් එහි සදහන් තොරතුරු වලට අනුව රජු විසින් යාග හෝම කළ බවත් , බ්‍රාහ්මණයන්ට තෑගි දුන් බවත් , මහා අග්නි පූජාවක් සිදු කළ බවත් ලිපියෙහි සදහන් වේ . ඊට අමතරව නන්දවරුන් රැගෙන ගිය ජෛන මහා වීරගේ ප්‍රතිමා නැවත වරක් පෙරහැරකින් කාලිංගයට වැඩම කරවූ බව පෙනේ . කාරවේල රජුගේ ආගමික ප්‍රතිපත්තිය අන්තවාදී නොවූ අතර එතුමා කෝවිල් , විහාරස්ථාන , පන්සල් අලුත්වැඩියා කළ රජෙකු විය. විශේෂයෙන්ම මෙම හත්ථිගුම්ඵා ලේඛනය දෙස බැලීමේදී එය ජෛන ප්‍රාකෘත භාෂාවෙන් ලියා තිබේ .
භාරතීය ඉතිහාසයෙහි රජවරුන් පිළිබඳව තොරතුරු අධ්‍යයනය කිරීමට සෙල්ලිපි රාශියක් උපයෝගී කර ගැනීමට සිදු වුවද කාරවේල රජුගේ සෑම තොරතුරක් පිළිබඳවම මෙම හත්ථිගුම්ඵා ලේඛනය හරහා අධ්‍යයනය කිරීමට හැකියාව ලැබී තිබේ . වර්තමානයේ පුද්ගලයන් විසින් තමන්ගේ කාර්‍යයන් පිළිවෙලින් සටහන් තබන අයුරින්ම කාරවේල රජු හත්ථිගුම්ඵා ලේඛනයේ ඔහුගේ සියළු තොරතුරු සදහන් කර තිබේ . ඒ අනුව කාලිංගයේ ඉතිහාසය පිළිබඳවත් , කාරවේල රජු පිළිබඳවත් තොරතුරු අධ්‍යයනයේදී හමුවන ප්‍රධානතම මූලාශ්‍රය ලෙස හත්ථිගුම්ඵා ශිලා ලේඛනය හදුනාගත හැකිය .
No comments:
Post a Comment